

Echinodorus



Alismataceae කුලයට අයත් වෙන මෙම ශාක අපිට ගොඩබිමේ ඒ කියන්නේ තෙත සහිත පසක වගා කරන්න පුලුවන්. දැනට ලෝකය පුරා echinodorus වර්ග 40කට අධික ප්‍රමාණයක් තියනවා. ටැංකියක් අලංකාර කරන්න මේ ශාක යොදාගන්වනම් හොද ආලෝකයක් සහ ශාකයට අවශ්‍ය පෝශ්‍ය පදාර්ථයන් සපිරුනු පසක් ඕන කරනවා.
වෙන වෙනම කතා කරන්න කලින් දෙයක් කියන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට මේ පැලේ දන්නේ ඇමසන් පැල කියලනේ (amazon). සමහර වෙලාවට අපි මිලට ගන්නේ හරිම amazon නෙමෙයි. ඒ ගැනයි අද කියන්නේ. පලවෙනි, දෙවනි ෆොටෝ දෙකේ මම අංක දාලා තියනවා. හොදට බලන්න..කොල අතරේ වෙනසක් තියනවා නේද.
-
මෙතනින් අංක එක echinodorus bleheri කියන වර්ගය. අනිත් කොල දෙකට වඩා පලලින් වැඩි.
-
අංක දෙක තමයි echinodorus amazon කියන වර්ගය. ඒක පත්‍ර පලලින් අඩුයි වගේම දිගයි ටිකක්.
-
අංක තුන තමයි echinodorus cordifolius.
ගොඩක් වෙලාවට අපිට amazon කියලා ලැබෙන්නේ මේක. අනිත් වර්ග දෙකත් ලැබෙන වෙලාවල් තියනවා එකම නමින්. මේ cordifolius කියන වර්ගය ගොඩක් වෙලාවට කුඹුරුවල, වතුර පාරවල් අයිනේ තියනවා. අඩි දෙකක් තුනක් වගේ උසට හැදෙන ශාකත් දකින්න පුලුවන්.මේක ඇත්තටම ආක්‍රමණශීලී ශාකයක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. පසේ තෙත ගතිය ගොඩක්ම අඩු තැනක උනත් මේ ශාකයට වර්ධනය වෙන්න හැකියාවක් තියනවා වගේම විශාල මුල් පද්ධතියක් තියනවා.