top of page
Marble Surface

Anubias 

195184268_1723860451108556_863127619734775500_n.jpg
194538975_1723860531108548_6833777934532976763_n.jpg
201111503_1723859467775321_3007357662006766821_n.jpg
194350502_1723860011108600_7402306306375452369_n.jpg

               අනුබියාස් අයිති වෙන්නේ Araceae කියන කුලයට. ඒ වගේම අනුබියාස් ශාකයේ මව්රට වෙන්නේ කැමරූන්. ඒ රටේ නොගැඹුරු, ගලායන ජලය තියන වනාන්තර ආශ්‍රිතව අනුබියාස් ශාක ප්‍රබේද විශාල සංඛ්‍යාවක් දකින්න පුලුවන්. අනුබියාස් ශාක විනෝදාංශයක් විදිහට මාලු ටැංකිවල හදන්න පටන් අරගෙන තියෙන්නේ 1970 වගේ කාලයේ ඉදලා. වර්තමානය වෙනකොට යුරෝපීය සහ ආසියානු රටවල මේ අනුබියාස් ශාකය ගොඩක් ප්‍රසිද්ධයි. ඒ වගේම මේ ශාකයේ තියන පෙනුම සහ හෙමින් වර්ධනය වීම නිසා 'growing plastic plant' කියලා නමකුත් තියනවා.

              අපි දන්නවනේ අනුබියාස් ශාකයක් අනිවාර්යයෙන්ම ලී කැබල්ලක හරි කබොක් ගල් කෑල්ලක හරි ගැටහලා හදන්න ඕනේ කියලා. ඒ මේ ශාකය වර්ධනය වෙන්නේ rhizome (අලයකින්) නිසා. නිරෝගීව හැදෙන අනුබියාස් පැලයක් සෙන්ටිමීටර 5-10ත් අතර උස යන අතර සෙන්ටිමීටර 5-20ත් අතර පලලකින් ඒ කියන්නේ අලේ වගේ කොටස හැදෙනවා. අපිට අලුත් පැල හදාගන්න ඕනේනම් කරන්න තියෙන්නේ rhizome එක පරිස්සමට කෑලී වලට කපාගන්න එක.

               ඊලගට ගොඩක් අයට තියන ගැටලුව තමයි මේකට දෙන එළිය. Low light to strong light අඩු එලිය ප්‍රමානෙක (වතුර ලීටරයකට වොට් 0.25ක එලියක්) ඉදලා වැඩි එලියක් ( වතුර ලීටරයකට වොට් 1ක) දක්වා තියන ටැංකියක අපිට අනුබියාස් හදාගන්න පුලුවන්.

අනුබියාස් වලට තියන තවත් ප්‍රශ්නයක් තමයි පත්‍රවල හැදෙන පොඩි තිත්. මේක වෙන්නේ ගහට අවශ්‍ය පොහොර නැති උනාම. හොද පොස්පේට් මට්ටමක් එක්ක යකඩ, ක්ශුද්‍ර පෝශක ද්‍රව්‍ය සැපයුමක් තියනවනම් ලෙඩ රෝග සෑදෙන එක ගොඩක්ම අවම කරගන්න පුලුවන්.

 

               ඒ වගේම අනුබියාස් ශාකයේ පරන වෙන කොල අයින් කරන එකත් කරන්න ඕනේ. හොද නිරෝගී පැලයකින් මල් පිපෙනවා බලන්න පුලුවන් එතකොටයි .පුලුවන් නම් අනුබියාස් පැල පොල්ලෙලි කෑල්ලක ගැටගහලා බලන්න. ඉක්මනට මුල් අදිනවා වගේම කොල හැදෙනවා

Next

About Us 

 

I'm a paragraph. Click here to add your own text and edit me. I’m a great place for you to tell a story and let your users know a little more about you.

Follow Us

 

  • Facebook Basic Black

Join our mailing list

Thanks for submitting!

© 2023 by Sophia. Proudly created with Wix.com

bottom of page