

Vallisneria වර්ග හදුනාගනිමු



අපි දන්න වැලිස්නේරියා වර්ග තියෙන්නේ වැඩිම උනොත් තුනක් නැත්නම් හතරක් වගේනේ. ඒත් ඇත්තටම වර්ග 14කට වඩා තියනවා.
-
Vallisneria americana
-
Vallisneria anhuiensis
-
Vallisneria annua
-
Vallisneria australis
-
Vallisneria caulescens
-
Vallisneria densiserrulata
-
Vallisneria erecta..........
මේ වගේ වර්ග ගොඩක් තියනවා. අපිට දැනට හොයාගන්න පුලුවන් වැලිස්නේරියා වර්ග ගැන කතා කරන්න කලින් අපි බලමු වැලිස්නේරියා ශාකයට පොදු දේවල් කිහිපයක් ගැන.
වැලිස්නේරියා ශාකයට තවත් නම් කිහිපයක් භාවිතා වෙනවා. ඒ තමයි eel grass, tape grass සහ vallis. හැබයි eel grass කියන නමින් හදුන්වන තවත් ශාකයක් තියනවා. ඒ නිසා සුදුසුම වැලිස්නේරියා කියන නම භාවිතා කරන එක. වැලිස්නේරියා ශාකය අයත් වෙන්නේ Hydrocharitaceae කුලයට. ඒ වගේම ආසියානු, අප්‍රිකානු, යුරෝපීය රටවල වගේම උතුරු ඇමෙරිකාවේ අපිට මේ වැලිස්නේරියා ශාකය දකින්න පුලුවන්. ඒ කියන්නේ ලෝක ප්‍රසිද්ධ පැලයක් .
වැලිස්නේරියා ශාකය බෝ වෙන්නේ runners එහෙමත් නැත්නම් ධාවක මගින්. තවත් විදිහක් තියනවා. ඒ තමයි ඇට මගින්. ඒත් සාර්ථක විදිහට ඉක්මනින් බෝ වෙන්නේ runners මගින්. අලුත් පැල ඕනේනම් ධාවක මගින් හැදුන පැලයක් වෙන කරලා අරගෙන වෙනත් තැනක හිටවගන්න පුලුවන්. වැලිස්නේරියා ශාකයෙත් මල් පිපෙනවා. වතුර මට්ටමෙන් උඩ පොඩි සුදුපාට මලක් පිපෙනවා. ඒ තමයි femal flower එක. Male flowers පිපෙන්නේ වතුර යට. ඒ මල් පිපුනාම නටුවෙන් වෙන් වෙලා වතුර මතුපිටට ඇවිත් පාවෙලා යනවා. මම කිව්වනේ ඇට හැදෙනවා කියලා. ඒක කෙසෙක් ගෙඩියකය වගේ හැඩය තියන පොඩිම පොඩි කරලක්.
වැලිස්නේරියා ශාක ගොඩක් උසට හැදෙන පැලයක්. සමහර වෙලාවට මීටරයක් තරම් උස යනවා. ඒ නිසා හොදම දේ තරමක් ලොකු මාලු ටැංකීවල පිටුපසට වෙන්න හිටවන එක. හොද ආලෝකයක් තියන එකත් වැදගත්. සාමාන්‍යය වැලි මිශ්‍ර පසක වැලිස්නේරියා ඉතාම හොදට හැදෙනවා. Co2 අවශ්‍ය වෙන්නෙම නෑ. ලේසියෙන්ම හදාගන්න පුලුවන් පැලයක් තමයි වැලිස්නේරියා. ඉස්සෝ හදන අයට ගොඩක් හොදයි.
අපිට දැනට වැඩිපුර දකින්න පුලුවන් වැලිස්නේරියා ශාක තමයි
01. Vallisneria spiralis
02. Vallisneria nana
03. Vallisneria corkscrew (contortionist)
04. Vallisneria giant
වැඩිදුර පැහැදිලි වෙන්න මම ෆොටෝස් දාලා තියෙන්නේ නමත් එක්ක. Vallisneria gaint සාමාන්‍යයෙන් spiralis වර්ගයට වඩා පත්‍ර පළලින් වැඩී. ඒ වගේම කොල පාටත් එක්ක තද දම් පාටක් ලාවට මිශ්‍ර වෙලා තියනවා.මේවා ගැන වෙන වෙනම කතා කරමු ඉස්සරහට.
මේක හොදටම මතක තියාගන්න ඕන දෙයක්. කොච්චර ලස්සන උනත් අපි වැලිස්නේරියා ශාක අපේ බාහිර පරිසරයට මුදාහරින එක කරන්න හොද නෑ. මොකද සීග්‍රයෙන් වර්ධනය වෙන නිසා මෙම ශාක ආක්‍රමණශීලී ශාකයක් වෙන්න පුලුවන්. ගොවිතැන් කරන අයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඇලපාරවල් දිගේ වැලිස්නේරියා වැවුනාම රොන්මඩ එකතු වෙන්න තියන හැකියාව වැඩි නිසා. ඒ නිසා ටැංකි ලස්සන කරනගමන් පරිසරයට ආදරය කරන්න.